ගෙවුණු මාසය තුළ මෙරට රන් පවුමක මිල රුපියල් 12,000 කින් පමණ පහළ ගිය බව ලංකා ස්වරණාභරණ සංගමය පවසයි.
එහි ලේකම් රත්න රාජා සරවණන් මහතා සඳහන් කළේ, ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමේ ප්‍රතිඵලයක් ලෙස මිළ පහල ගොස් ඇති බවයි.
ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල 172,000 සිට රුපියල් 160,000 ක් දක්වා පහළ ගොස් තිබේ.
කැරට් 22 රන් පවුමක මිල රුපියල් 168,000 සිට රුපියල් 155,000 ක් දක්වා පහළ ගොස් ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.


