ඉදිරි වසර පහ ඇතුළත රටේ ආර්ථිකය පූර්ණ ලෙස ස්ථාවර කරන බව ජනාධිපති වික්රමසිංහ, ජාතිය අමතා විශේෂ ප්රකාශයක් කරමින් ඊයේ (1) පැවසීය.
ප්රධාන කුළුණු 4ක් ඔස්සේ රට ගොඩනගන බව කී ජනාධිපතිවරයා, ඊළඟ වසර 25 ඇතුළත ලංකාව ඉහළ ආදායම් ලබන දියුණු රටක් බවට පත්කරන ගමන ආරම්භ කරන බවද පැවසීය.
“ජාතික පරිවර්තන මාර්ග සිතියම රටට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව කීය.
ශ්රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා ගත වූ මාස 9ක කාලය තුළ රජය ගනු ලැබූ ප්රයත්නයන් නිසා රට මේ වන විට ආර්ථික අර්බුදයෙන් ක්රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවත්, ඊට දායකවූ රජයේ නිවැරදි ප්රතිපත්තිවලට මෙන්ම ජනතාවගේ සාමූහික කැපවීමට ස්තූතිවන්ත වන බවත් පැවසීය


