ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කර දිස්ත්‍රික්කවල ප්‍රථමයන් වූ මන්ත්‍රීවරුන්ට කැබිනට් ඇමති ධූර ලබා දීමට හැකි නම් එය හොඳ කටයුත්තක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.
මාධ්‍ය නාළිකා සඳහා නියාමන ගෙන ඒමට නොහැකි වන ආකාරයෙන් කටයුතු කිරීමට මාධ්‍ය නාළිකා වගබලා ගත යුතු බව ද හිටපු ජනාධිපතිවරයා කීය.
තම පක්ෂය සමග පාක්ෂිකයන් තවමත් සිටින බව ද ඉදිරියේදී රටේ ආර්ථිකය ශක්තිමත් වනු ඇති බව ද හිටපු ජනාධිපතිවරයා පැවසීය.
අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය වැඳපුදා ගැනීමෙන් අනතුරුව ඊයේ (ජූනි 1) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ය.


