පාසල් නිවාඩුව අදින් ඇරඹේ…

2023 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අවසන් කිරීම සහ පළමු පාසල් වාරයේ තෙවන අදියර ආරම්භ කිරීම සම්බන්ධයෙන් දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (26) දින අවසන් කෙරෙන බව ය.

පළමු පාසල් වාරයේ තෙවන අදියර 2023.06.12 වන සඳුදා දින ආරම්භ වීමට නියමිත ය.

2022 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 2023.05.29 සිට 2023.06.08 දිනය දක්වා පැවැත්වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *