පොසොන් දන්සැල් ලියාපදිංචිය ඇරඹේ…

පොසොන් පොහොය දිනයට සමගාමීව පැවැත්වෙන දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

දන්සැල් පැවැත්වීමට බලාපොරොත්තු වන පිරිස් තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගොස් සියලු විස්තර ලබාදී ලියාපදිංචි වීමේ හැකියාව පවතින බවයි එහි උප සභාපති කේ.ඒ.පී බොරලැස්ස සඳහන් කළේ.

ඉන් පසු අදාළ දන්සැල්වල සංවිධායක කමිටු ගෙන්වා දන්සැල පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබාදෙනු ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *