රාජකාරියේ නිරතව සිටි පොලිස් නිළධාරීයාට පහර දුන් කාන්තාව ඇතුළු තිදෙනා අත්අඩංගුවට…

පෑලියගොඩ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පාලම අසල රාජකාරියේ නිරත වී සිටි පොලිස් නිලධාරියෙකුට පහර දී රාජකාරියට බාධා කළ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු කැලණිය කොට්ඨාස අපරාධ විමර්ෂන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

 හිස් වැසුම් නොමැතිව ධාවනයේ යෙදුනු යතුරුපැදිකරුවෙකු පරීක්ෂා කිරීමට යාමේදී එම ස්ථානයට තවත් කාන්තාවක් පැමිණ පොලිස් නිලධාරියා සමග ආරවුලක් ඇති කරගෙන ඔහුට පහර දීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

එහිදී තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර සැකකරුවන් අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට අද (25) ඉදිරිපත් කිරීමට නියමිතය.

සැකකාර කාන්තාව සහ පුද්ගලයින් දෙදෙනා පට්ටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අවුරුදු 51, 20 සහ 22 හැවිරිදි වියේ පසුවන බව වාර්තා වේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *