පසුගිය කාලය තුල දී ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඔස්ට්‍රේලියාව යන රටවල් වලින් තැපැල් මගින් බොරලැස්ගමුව, වැල්ලවත්ත, මිනුවන්ගොඩ, වැලිසර, නුවරඑලිය සහ තලංගම යන ප්‍රදේශවල ලිපිනයන් වෙත ඒවා තිබුණ පාර්සල් 10 ක් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම තැපැල් හුවමාරු අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි. එම පාර්සල් ලබාගැනීමට ඒවායේ අයිතිකරුවන් ඉදිරිපත් නොවූ බැවින් 16.05.2023 දින පොලිස් මත් ද්‍රවය කාර්යාංශයේ නිලධාරීන් සහ තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරියේ දී ඒවා රේගු නිලධාරීන් විසින් පරික්ෂා කරන ලදි. එම පරික්ෂාවේ දී එහි තුල තිබී “කුෂ්” නමැති මත ද්‍රව්‍ය කිලෝ 3.475 ක් සොයා ගන්නා ලදි. මෙම භාණ්ඩ තොගයේ මුළු වටිනාකම රුපියල් මිලියන 34.75 වන බවට ශ්‍රී ලංකා රේගුව ගණන් බලා ඇත.
වැඩිදුර විමර්ශනය කිරීම සඳහා මෙම මත් ද්‍රව්‍ය තොගය පොලිස් මත් ද්‍රවය කාර්යාංශය වෙත භාර දෙන ලදි.


