ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට ශම්මි සිල්වා නැවතත් තේරි පත් වෙයි

අද (20)  පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් 2023 -2025 වසර සඳහා  සභාපති ධුරයට යළි පත්විය. 

ශම්මි සිල්වා මහතා මෙවර ද සභාපති ධුරය සඳහා නිතරගයෙන් තේරීපත් වූ බව, ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව ප්‍රකාශයට පත් කළේ ය.

ඒ අනුව ශම්මි සිල්වා මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා තේරී පත්වන තෙවැනි අවස්ථාව මෙයවන අතර, එම තනතුර සඳහා නිතරගයෙන් තේරී පත් වූ දෙවැනි අවස්ථාව ද මෙය වේ. 

අද පැවති නිලවරණයේදී ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා ලෙස තෝරා ගැනුණේ, මොහාන් ද සිල්වා මහතායි.

සුජීව ගොඩලියද්ද මහතා ඉදිරි වසර දෙකේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාරික ලෙස කටයුතු කරනු ඇති.

රවීන් වික්‍රමරත්න සහ ජයන්ත ධර්මදාස යන මහත්වරුන් උප සභාපතිවරුන් ලෙස අද පැවති නිලවරණයේදී තේරීපත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *