ජංගම ඡන්ද මධ්‍යස්ථාන ස්ථාපනය පිළිබද මැතිවරණ කොමිසමේ අවධානය…

ජංගම ඡන්ද මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම කෙරෙහි ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව ඇත.

ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ, කායික දුබලතා සහිත පුද්ගලයන් වෙනුවෙන් මෙලෙස ජංගම ඡන්ද මධ්‍යස්ථාන ඇතිකිරීම සුදුසු බව පෙනීගොස් ඇති බවයි.

කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පෙන්වාදෙන ආකාරයට, අදාළ කාණ්ඩවල පුද්ගලයන්ගේ නිවසටම ගොස් ඡන්දය ලබාගැනීම ජංගම ඡන්ද මධ්‍යස්ථාන හරහා සිදුකෙරෙයි.

කෙසේ වෙතත් ජංගම ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීම වෙනුවෙන් දැනට පවතින මැතිවරණ නිතිය සංශෝධනය විය යුතු බව ද සභාපතිවරයා පෙන්වාදෙයි.

එසේම ක්ෂේත්‍ර කිහිපයක රැකියාවල නිරත ඡන්දදායකයන්ට මැතිවරණ දිනට පෙර දිනකදී ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබාදීම වෙනුවෙන්ද නීති සංශෝධනය කිරීමට කොමිසම නිර්දේශ ලබාදී ඇතැයිද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *