වසර දෙකකට වඩා වැඩි කාලයක් අක්‍රීය තත්ත්වයේ පවතින ගිණුම් ඉවත් කිරීමට කටයුතු කරන බව Google සමාගම පවසනවා.
2023 වසරේ අවසානයේ සිට අවම වශයෙන් වසර දෙකකට වැඩි කාලයක් අක්‍රීයව පවතින ගිණුම් මෙලෙස මකා දැමීමට Google සමාගම තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ගිණුම් වෙත අනවසර ඇතුල්වීම වැළැක්වීම ඇතුළු ආරක්ෂක තර්ජන වැළැක්වීමේ පියවරක් ලෙස මෙම පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
මෙම ගිණුම් ඉවත් කිරීමත් සමඟ එයට සම්බන්ධ Gmail, Docs, Drive, Meet සහ Calendar මෙන්ම YouTube සහ Google ඇතුළු Google Workspace අන්තර්ගතයන් සියල්ලද ඉවත් වන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ.


