මෙවර සා.පෙළ අපේක්ෂකයන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්!

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2022(2023) විභාගය මැයි 29 වන දින සිට ජුනි මස 08 වනදා දක්වා විභාග මධ්‍යස්ථාන 3,568කදී පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව විභාග ප්‍රවේශපත්‍ර නොදල පාසල් විභාග අපේක්ෂකයින්ගේ ප්‍රවේශපත්‍ර පාසල් ප්‍රධානීන් වෙත ද පෞද්ගලික විභාග අපේක්ෂකයින්ගේ ප්‍රවේශපත්‍ර අදාළ අයදුම්කරුවන් වෙත ද බාගත කිරීමේ අවස්ථාව 18 වනදා සිට ලබාදෙන බවයි සඳහන් වන්නේ.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසීමෙන් ඒ සඳහා අවස්ථාව පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *