සජබෙ ජනාධිපති අපේක්ෂකයා ගැන ඒකමතිකව තීරණය කරයි

සමගි ජන බලවේගයේ මීලඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා පක්ෂ නායක සජිත් ප්‍රේමදාස බවට ඊයෙ (16) රැස්වූ එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කරනු ලැබීය.

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී ඊයෙ (16) පස්වරුවේ පැවැත්විණ.

අද පැවැති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ ද පැමිණ සිටි අතර ඔහු ප්‍රකාශ කළේ එළඹෙන ජනාධිපතිවරණය සඳහා විශ්වාසය තැබිය හැකි වෙනත් කිසිදු නායකයකු පෙනෙන තෙක් මානයක නැති බවත්, සිටින එකම පුද්ගලයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පමණක් බවත්ය.

ඒ අනුව එළැඹෙන ජනාධිපතිවරණයට සමගි ජනබලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානයෙන් ඉදිරිපත් විය යුත්තේ සජිත් ප්‍රේමදාස බව සුජීව සේනසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා විසින් යෝජනා කළ අතර කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් ඒකමතිකව එය අනුමත කරනු ලැබීය.

චමින්ද විජේසිරි, එස්.එම් මරික්කාර්, රෙහාන් ජයවික්‍රම, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය ඇතුලු පිරිස අදහස් දක්වමින් අදාල යෝජනාව පිළිබඳව සිය ප්‍රසාදය පලකරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *