ළමා අපයෝජන වැළැක්වීම සඳහා දැඩි නීති කෙටුම්පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීති අංශ වෙත උපදෙස් දී තිබෙනවා.
ඇතැම් ගුරුවරුන් සහ වැඩිහිටියන් මෙන්ම සමාජයේ විවිධ ජන කොටස් අතින් දිගින් දිගටම සිදුවන ළමා අපයෝජන ඉතා කඩිනමින් මර්දනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා එවැනි ක්‍රියා සඳහා දැඩි දඬුවම් නියම කෙරෙන නීති පද්ධතියක අවශ්‍යතාව අවධාරණය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.
කළුතර හෝටලයක ඉහළ මහළකින් පැන 16 හැවිරිදි දැරියක මියයාම, කළුතර උපකාරක පංති ගුරුවරයකු විසින් දරුවන් 16 දෙනෙකු අපයෝජනයට ලක් කිරීම ඇතුළු සිදුවීම් දිගින් දිගටම වාර්තා වීම පිළිබඳ අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.
එම මාධ්‍ය නිවේදනය පහතින්,



