දියලුම රාත්‍රී කූඩාරම් ගසාගෙන සිටි තරුණ යුවලකට අලි ප්‍රහාරයක්,තරුණිය ජීවිතක්ෂයට!

බණ්ඩාරවෙල කොස්ලන්ද පොලිස් වසමේ උඩ දියලුම රාත්‍රි කූඩාරම් ගසා නවාතැන් ගෙන සිටියදී එල්ල වූ වන අලි ප්‍රහාරයකින් තරුණ යුවලක තරුණිය ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අංක 201 මාතර, කැකණදුර පදිංචි වයස අවුරුදු 23ක් වන ගම්මාචාරිගේ තරුශි කවීශා යන අයයි.

ඇයගේ පෙම්වතා වන අංක 225/2 මාඩිල්හේන, වාරියපොල ලිපිනයේ පදිංචි වයස අවුරුදු 23ක් වන කලු ආරච්චිගේ ධනුශ්ක මධුශාන් යන අය වන අලි පහර දීමෙන් බරපතල තුවාල ලබා කොස්ලන්ද රෝහලට ඇතුලත් කර තිබෙනවා. පසුව ඔහු දියතලාව රෝහල වෙත මාරුකර යවාඇත.

මෙම වන අලි පහර දීම රාත්‍රි 10.30 ට පමණ සිදුවී ඇති අතර ජංගම දුරකතන සම්බන්දතා එම ප්‍රරදේශයට නොමැති බැවින් මෙම සිදුවීම පොලිස් ස්ථානයට වාර්තා වී ඇත්තේ උදෑසන 6.30 ට පමණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *