IMF නියෝජිත පිරිසක් අද දිවයිනට…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් අද (11) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

මේ වසර අවසානයේ සිදුකිරීමට නියමිත මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනයට සමගාමීව මෙම සංචාරය සිදුවන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රී නිවාසන් ඇතුළු නියෝජිත පිරිසක් මෙම සංචාරය සඳහා සහභාගී වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ඒ අනුව අදාළ නියෝජිත පිරිස අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *