බස්නාහිර පාසල් වල ඩෙංගු මර්දනයට විශේෂ වැඩපිළිවෙලක්…

ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගයෙන් පාසල් ළමුන් ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව, බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් මහතා පවසයි. 

ඔහු සඳහන් කළේ, ඊට අදාළ චක්‍රලේඛය අද (08) නිකුත් කරන බවයි.

ඩෙංගු අනු ඛණ්ඩ දෙකෙන් වැළඳුන ළමුන් වැඩිවශයෙන් වාර්තා වන බව, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. 

කැස්ස සහ සෙම්ප්‍රතිෂ්‍යාව පවතින දරුවන් සෞඛ්‍යාරක්ෂිතව නිවසේ රඳවා ගැනීම වඩාත් සුදුසු බව, විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ ය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *