තෙවන චාල්ස් රජු රාජාභිෂේක වෙයි

තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේකය ඊයේ සිදු විය.

ඒ අනුව, ඔහු සහ රජ මෙහෙසිය කැමිලා බිසව වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානයේදී කිරුළු පැළඳූහ.

ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ(06) ප.ව. 3.00ට තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේකය ආරම්භ විය.

එය දැක බලා ගැනීම සඳහා ප්‍රභූන් විශාල පිරිසක් වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානය වෙත පැමිණ තිබිණි.

හැරී කුමරු, දේශපාලඥයින්, ප්‍රසිද්ධ පුද්ගලයින්, ආගමික නායකයින් හා පොදු රාජ්‍ය මණ්ඩලයීය නායකයන් එම පිරිස අතර වූ බව බීබීසී පුවත් සේවය වාර්තා කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *