“මේ අභියෝගකාරී අවස්ථාවේ අකාලික බුද්ධ දර්ශනය සැනසීමේ මූලාශ්‍රයක් කර ගමු”-ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ඉසුරුමත් ශ්‍රී ලංකාවක් නැවත ගොඩනැගීම සඳහා බුදුන් වහන්සේගේ ඉගැන්වීමට අනුව සහයෝගයෙන් සහ එකමුතුකමින් පෙළ ගැසෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ජනතාගෙන් ඉල්ලීමක් කරයි. 

වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ, මෙම අභියෝගකාරී අවස්ථාවේ අකාලික බුද්ධ දර්ශනය සැනසීමේ මූලාශ්‍රයක් බවට පත්ව ඇති බවයි.

එබැවින් මෙම අසීරු කාල සීමාව පසුකර සාමාන්‍ය ජන ජීවිතයක් උදාකර ගැනීමේ අභියෝගය ජයගැනීම සඳහා බුදුන් වහන්සේ වදාළ පරිදි සමගියෙන් හා විශ්වාසයෙන් එක්වීම අත්‍යවශ්‍ය බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි. 

රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ , බෞද්ධ දර්ශනයේ දක්වා ඇති පරිදි මෛත්‍රිය ,කාරුණික බව, මෘදුබව සහ උපේක්ෂා සහගතබව යන සතර බ්‍රහ්ම විහරණ අනුගමනය කරමින් එම මාර්ගයේ ගමන් කළ යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *