අතුරුගිරියට හදිසි විදුලි බිඳ වැටීමක්!

අද අතුරුගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට විදුලිය සැපයුම බිඳ වැටී ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි

ඒ, අතුරුගිරිය ග්‍රීඩ් උපපොළේ කාර්මික දෝෂයක් හේතුවෙනි.

මේ හේතුවෙන් අතුරුගිරිය, හෝමාගම, අවිස්සාවේල්ල, බත්තරමුල්ල ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය සැපයුම බිඳ වැටී තිබේ.

ඉන්, ප්‍රදේශ කිහිපයක විදුලිය සැපයුම, මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනවිරත්න මහතා පැවසීය.

ඔහු සඳහන් කළේ, සෙසු ප්‍රදේශවලට කඩිනමින් විදුලිය සැපයුම ලබාදෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *