ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තවත් කල් යයි

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තවදුරටත් කල් දමන බව විජයදාස රාජපක්ෂ මහතා පවසයි.


අධිකරණ අමාත්‍ය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ,  විවිධ පාර්ශ්වවල ඉල්ලීම් සලකා බලමින් මෙම තීරණය ගත් බවයි. 

මෙම පනත ජනතාව මර්දනය කිරීම සඳහා ඉදිරිපත් කරන්නක් බවට විශාල වශයෙන් ජන මතයක් ගොඩනැගිමෙන් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ, කිසිදු ආකාරයකින් ජනතාවට පීඩාවක් වන ආකරයේ පනතක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත්  නොකරන බවයි. 

”මෙම පනත් කෙටුම්පත පිළිබඳ ඕනෑම යෝජනාවක් ලිඛිතව ඉදිරිපත් කිරීමටත්, ඕනෑම පාර්ශ්වයකට පැමිණ අපි මුණගැහිලා මේ පිළිබඳව සාකච්ඡා කිරීමටත් ඉඩකඩ විවෘත වෙලා තියෙනවා. මේක හදිසි කරලා ඉදිරිපත් කරන්නේ නෑ . ඕන තරම් කාලයක් දෙන්නම්. ඕනෑම පාර්ශ්වයකට ඇවිල්ලා අපිත් එක්ක සාකච්ඡා කරන්නත් එවැනි පුළුල් සාකච්ඡා වට කිහිපයකින් පස්සේ සියලු දෙනාග අදහස් විමසලා අවශ්‍ය සංශෝධන කිරීමෙන්  පසුවයි මේ මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නෙ” 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *