ජනක රත්නායක ඉවත් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට…

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක එම තනතුරින් ඉවත් කිරීම සඳහා වන යෝජනාවක් ලබන සතියේ මැතිසභා න්‍යාය පත්‍රයට ඇතුළත් කෙරෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.

අනතුරුව මුදල් අමාත්‍යාංශය සභාපතිවරයා සම්බන්ධයෙන් සකස් කළ වාර්තාවක් පදනම් කරගෙන සභා නායකවරයා හෝ අග්‍රාමාත්‍යවරයා විසින් අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

එය පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ සරල බහුතරයකින් අනුමත වූ විට මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා තනතුරින් ඉවත් කළ හැකි බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *