ලාංකික මුස්ලිම් ජනතාව අද රාමසාන් සමරයි

මෙරට මුස්ලිම් ජනතාව අද (22) දිනයේ දී රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය ඊයේ නිවේදනය කර තිබේ. ඒ, ඊයේ  (21) නව සඳ දැකීම හේතුවෙනි.

මෙවර මුස්ලිම් ජනතාව දින 29ක කාලයක් උපවාසයේ නිරතව තිබේ.

රාමසාන් යනු ඉස්ලාමීය දින දර්ශනයේ නව වසර ඇරඹෙන මුහර්රම් මාසයට පසුව උදාවන දසවැනි මාසය වේ. රාමසාන් මස නව සඳ දැකීමෙන් ඇරැඹෙන උපවාස සමය ෂව්වාල් මස උදාවත් සමඟ නිමාවට පත් වේ. මෙම මාසය ශ්‍රි ලාංකිකයන් නෝම්බු මාසය ලෙස හඳුන්වනු ලබයි.

ඊද්-අල්-ෆිතර් යනු මුස්ලිම්වරුන් විසින් උතුම් වූ රාමසාන් මාසයේ උපවාස ශීලය අවසන් කරමින් ෂව්වාල් මාසයේ පලමු වන දිනයේ කරන්නා වු සැමරුමයි.

මෙම දිනයේ අළුයම නැමදුමට පසුව දිය නෑමෙන් පසු අළුත් ඇඳුම්වලින් සැරසී ඊද් නැමදුම සඳහා මුස්ලිම්වරු ගමේ මස්ජිදය හෝ එළිමහන් ස්ථානයක් කරා යති.

එහිදී සාමුහිකව ඊද් නැමදුමෙහි යෙදෙන මුස්ලිම්වරුන් එය අවසන්වු පසු නිවසට පැමිණ ඥාති හිත මිතුරන් සමග සතුට බෙදා හදා ගනිමින් ඊද් සැමරුමහි සතුට සමරති.

ඉන්පසුව තම වැඩිහිටියන් සහ ඥාතීන්ගේ නිවෙස් වලට ගොස් ඔවුන් සමග සතුට බෙදාහදා ගනිමින් ඔවුන්ටද විශේෂයෙන් සුභපැතිම සිදුකර නිවසට පැමිණ පවුලේ සමාජිකයින් සියලුම දෙනා සමඟ සම්ප්‍රදායිකව දිවා ආහාරය ගැනිම සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *