“මැතිවරණයට අරමුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුව සමඟ එකඟතාවයකට එළඹීමට නොහැකිනම් නාමයෝජනා අහෝසි කරන්න”- ගම්මන්පිල

පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් දැමීමට සිදුව ඇත්තේ මැතිවරණයට අවශ්‍ය අරමුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුව සමඟ නිශ්චිත එකඟතාවකින් තොරව මැතිවරණ කොමිසම දින නියම කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ඒ අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අරමුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුව සමඟ නිශ්චිත එකඟතාවකට එළඹීමට නොහැකි නම් භාරගත් නාම යෝජනා මැතිවරණ කොමිසම විසින් අහෝසි කළ යුතු බවයි ඔහු සඳහන් කළේ.

එසේ නාම යෝජනා අහෝසි කළහොත් රජයේ සේවක අපේක්ෂකයින්ට නැවතත් සේවයට වාර්තා කිරීමට සහ වැටුප් ලබාගත හැකි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *