පුංචි ඡන්දය ගැන දිස්ත්‍රික් තේරීම් භාර නිළධාරින්ගෙන් ගැසට් නිවේදනයක්!

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් 25 වන දිනට නියමිත පරිදි පැවැත්විය නොහැකි බව සඳහන් කරමින් සියලු ම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් ගැසට් නිවේදන නිකුත් කරනු ලැබ තිබේ.

එම ගැසට් මගින් ඔවුන් සඳහන් කර ඇත්තේ, අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කරනු ලබන බවට නිශ්චිත වශයෙන් කොමිෂන් සභාවට දැනුම් දෙනු ලබන දිනය හෝ ඡන්ද විමසීම් පැවැත්වීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියෙහි විභාග වෙමින් පවත්නා පෙත්සම් සම්බන්ධයෙන් දෙනු ලබන නඩු තීන්දු මත ඡන්ද විමසීම් සඳහා නව දිනයක් නම් කිරීමට සිදු වන්නේ නම් එකී දිනය හෝ යන දින දෙක අතරින් ප්‍රථමයෙන් එළඹෙන දිනයේදී පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සඳහා දිනයක් නම් කිරීමට කටයුතු කරන බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *