අවාරයේ සිරිපා ගමන් සීමා කිරීමට නීති සම්පාදනය කළ යුතු බව ශ්රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් පවසනවා.
ඒ අනුව අවාරයේ සිරිපා කරුණා කරන ඇතැම් පුද්ගලයින් එහි දේපළවලට සහ සතුන්ට හානි කිරීමට කටයුතු කර ඇති බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.
දිසාපති කාර්යාලයෙන් හා පොලීසියෙන් ලිඛිතව අවසරගත් පිරිස් සඳහා පමණක් අවාරයේ සිරිපා කරුණා කිරීමට අවස්ථාව ලබාදීමට අදාළ නීති සම්පාදනය කළ යුතු බවයි ශ්රීපාදස්ථානාධිපති හිමියන් සඳහන් කළේ.
කෙසේ නමුත් විදේශිකයන් සඳහා අවාරයේ සිරිපා කරුණා කිරීම ගැටලුවක් නොවන බවයි ශ්රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් වැඩිදුරටත් සඳහන් කළේ.


