දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (19) දිනයේ ද අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත්වල මෙන්ම කුරුණෑගල සහ මොනරාගල දිස්ත්‍රික්කවලට මෙලෙස උෂ්ණත්වය ඉහළ මට්ටමක පවතින බවයි සඳහන් වන්නේ.
ඒ අනුව එම ප්‍රදේශවල ජනතාව ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම වැනි සෞඛ්‍ය අංශවලින් ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.


