ශ්‍රී ලංකා රග්බි සම්මේලන මූලස්ථානයට මුද්‍රා තබයි

ටොරින්ටන්හි පිහිටි ශ්‍රී ලංකා රග්බි සම්මේලන මූලස්ථානයට ක්‍රීඩා අමාත්‍යංශ බලධාරීන් විසින් මුද්‍රා තබා තිබේ.

ඒ පසුගිය 12වැනිදා ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නිලධාරි මණ්ඩලය ඉවත්කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් චුලා ධර්මදාස ගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් පත් පත්කිරීමත් සමඟය.

රග්බි නිලධාරීන් චෝදනා කරන්නේ තමන් දැනුවත් නොකර මුද්‍රා තබා එහි ඉබි යතුරු ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් රැගෙන ගොස් ඇති බවය.

ආසියානු රග්බි සංගමයේ සහ ජාත්‍යන්තර රග්බි සංගමයේ ලිපිගොනු රැසක් රග්බි මුලස්ථානයේ ඇතිබව පවසන රග්බි නිලධාරීන්, යම්හෙයකින් මෙම ලිපිගොනු
අස්ථානගතවීමක් සිදුවුවහොත් එහි වගකීම භාර ගන්නේ කවුරුන්දයි විමසා සිටියි.

රජයේ නිවාඩු දිනකදී මෙලෙස රග්බි සංමයට මුද්‍රා තැබුවේ කුමන අරමුණක් ඇතිවද යන්න ප්‍රශ්නාර්ථයක් බවද ඔවුන් සඳහන් කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *