නීති විරෝධි ලෙස කාන්තාවන් ගබ්සා කළ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

කිසිදු වෛද්‍ය සුදුසුකමක් නොමැති ව  අධික මුදලක් ලබාගෙන නීති විරෝධී ලෙස  කාන්තාවන් ගබ්සාවන් වලට  ලක්කිරීමේ යෙදුණු පොලිස් කොස්තාපල්වරයෙකු  හොරණ  පොකුණුවිට ප්‍රදේශයේ හෝටලයක දී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක  බලකාය පවසයි

සැකකරු සන්තකයේ තිබී ගබ්සාවන් සිදු කිරීමට යොදා ගන්නා බව කියන හඳුනානොගත් පෙති පහක් පොලිස් භාරයට ගෙන ඇත

අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට අනියුක්තව සේවය කරන රියදුරෙකි

විවිධ අතවරයට පත්ව  දරුවන් පිළිසිඳගැනීමට සිටින කාන්තාවන් ඉලක්ක කරගෙන  සැකකරු මෙම ගබ්සා ජාවාරම සිදු කර ගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි

එම තොරතුරු තොරතුරු  සහ සැකකරුගේ දුරකථන අංකයක් පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරක් අනුව  සැකකරු නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා  විශේෂ පොලිස් කණ්ඩායමක් යෙදවීමට කටයුතු කළේය

ඒ අනුව එම  ඒකකයේ පොලිස් සැරයන්වරයකු  සිය පෙම්වතියට දරු ගැබක් හටගෙන ඇති බවත්  ප්‍රශ්න රැසකට මුහුණ පා සිටින තමන්ට පිහිට වන ලෙස සැකකරුගෙන් ඉල්ලා සිට ඇතැයි පොලිසිය කියයි

එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ සැකකරු ඒ සඳහා රුපියල් තිස් දහසක මුදලක් වැය වෙන බවත්  හොරණ ප්‍රදේශයේ නවාතැන් පොළකදී එය සිදු කිරීම සඳහා  පෙම්වතිය කැටිව පොකුණුවිට හංදියට පැමිණෙන ලෙස දැනුම් දී තිබූ බව පොලිසිය කියයි

එම ජාවාරම සම්බන්ධයෙන් අදාළ තොරතුරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව  ඊයේ දින  පොලිස් සැරයන්වරයා  පොලිස් කොස්තාපල්වරියක් සමග පෙම්වතුන් විලස පොකුණුවිට හන්දියේ රැඳී සිටියදී සැකකරු මෝටර් රථයකින් පැමිණ ඔවුන් දෙදෙනාව නංවාගෙන හොරණ පොකුණුවිට ප්‍රදේශයේ හෝටලයකට රැගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි

එහිදී පොලිස් සැරයන් පෙම්වතාව හෝටලය ඉදිරිපිට නැවතූ සැකකරු පෙම්වතිය ලෙස රඟපෑ කොස්තාපල්වරිය සමග හෝටලයේ පිළිගැනීමේ කවුන්ටරය වෙත ගොස් මුදල් දී කාමරයක් වෙන් කිරීමේදී සැඟව සිටි පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය

අත්අඩංගුවට ගත් සැකකරු පරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය බළකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදයකුමාර, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහත්වරුන්ගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන්  පොලිස් පරීක්ෂක ජනිත , පොලිස් සැරයන් 428 ජයලාල්  පොලිස් කොස්තාපල්වරුන් වන 81119 අමිල , 91287 සංජීව  , 94009  සියන්ත 

104643  සේනානායක 104792 අභයකෝන්  ,80831 උදේශ්  කාන්තා පොලිස් කොස්තාපල්10103  සමිතා මහත්ම මහත්මීහු පරීක්ෂණ පවත්වයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *