2023 ජනවාරි සිට මේ දක්වා මාරක රිය අනතුරු 534ක්!

2023 වසරේ ජනවාරි මස 01 දින සිට අප්‍රේල් 09 දක්වා කාලය තුළ දිවයිනපුරා සිදු වු මාරක රිය අනතුරු

534කින් පුද්ගලයන් 564 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ, එම රිය අනතුරුවලින් සිදුවූ මියයෑම් වලට අමතරව තවත් 1345දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි.

එමෙන්ම ගත වු දින 5 ක කාලය තුළ පමණක් සිදු වු මාරක රිය අනතුරු 21 න් පුද්ගලයන් 25 දෙනෙකු මියගොස් සිටි බවද පොලිස් මධ්‍ය ප්‍රකාශකවරයා කීය.

බොහොයමක් රිය අනතුරු වලින් 90% සිදුව ඇත්තේ රියැදුරාගේ සහ පදිකයාගේ නොසැලකිල්ලෙන් බවද පොලිස් මධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *