ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය කණ්ඩායම අතර තෙවන T20 තරඟය නවසීලන්තයේ ක්වීන්ස්ටවුන් හිදී පැවැත්වුණා. එහිදී නවසීලන්තය කාසිය වාසිය දිනාගෙන ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා.
එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 06ක් දැවී ලකුණු 182ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 05ක් තුළ කඩුළු 06ක් දැවී ලකුණු 183ක් රැස් කළා.
එහිදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ටිම් සෙයිෆර්ට් වේගවත් ලකුණු 88ක් රැස් කළා, ටොම් ලේතම් ලකුණු 31යි.
පන්දු යැවීමේ දී ළහිරු කුමාර කඩුළු 03ක් සහ මහීෂ් තීක්ෂණ, ප්‍රමෝද මධුෂාන් කඩුල්ල බැගින් බිඳ දැම්මා.
නවසීලන්ත ඉනිමේ අවසන් පන්දුවාරයේ දී කඩුළු කඩුළු 03ක් පිට පිට දැවී ගියත් ශ්‍රී ලංකාවෙන් ජයග්‍රහණයේ බලාපොරොත්තු උදුරා ගැනීමට නවසීලන්ත කණ්ඩායමේ අවසන් පෙළ පිතිකරුවන් සමත් වුණා.
ඒ අනුව නවසීලන්ත කණ්ඩායමට කඩුළු 04 ජයක් හිමි වුණු අතර තරඟාවලිය 2-1ක් ලෙසද ජය ගැනීමට සමත්වුණා.


