රජයේ ආයතන වලට සූර්ය පැනල් සවි කිරීමේ ව්‍යාපෘතිය කඩිනම් වේ

රජයේ ගොඩනැගිලි සඳහා විදුලිය ලබා ගැනීමට සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතියට අදාළ තොරතුරු රැස්කිරීමේ ක්‍රියාවලිය 90%ක් පමණ නිම කර ඇති බව විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ, තොරතුරු රැස්කිරීමේ ක්‍රියාවලිය අප්‍රේල් 15 වන දා වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බව ය.

මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 100ක ණය ආධාරයක් ලැබීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *