2023 වසරේ ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම රටවල් 23 අතරට ලංකාවත් එක් වේ

2023 වසරේ ලෝකයේ සංචාරය කිරීමට සුදුසු ම රටවල් 23 අතරට ශ්‍රී ලංකාව නම් කර තිබේ.

ෆෝබ්ස් සඟරාව සංචාරක ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ නිර්දේශ මත මෙම රටවල් 23 නම් කර ඇත.

සම්මානනීය සංචාරක වාර්තාමය චිත්‍රපට නිෂ්පාදකවරියක වන ජුලියානා බ්‍රොස්ටේගේ නිර්දේශය මත ශ්‍රී ලංකාව මෙම ලැයිස්තුවට තෝරාගෙන ඇතැයි ෆෝබ්ස් සඟරාව පවසයි.

ජුලියානා පවසා ඇත්තේ, “ඉහළ උද්ධමනයක් පැවතිය ද ශ්‍රී ලංකාව දර්ශනීය සහ සංචාරක ගමනාන්තයක් වන,” බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *