ලොව ජනප්‍රිය K-pop කණ්ඩායමක් වන BTSහි ජිමින් එක්සත් ජනපද ගීත දර්ශකයේ ඉහළට ගිය ප්‍රථම කොරියානු ඒකල ගායකයා බවට පත් වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔහුගේ ‘Like Crazy’ යන ගීතය හේතුවෙන් ඔහු මේ දර්ශකයේ ඉහළට පැමිණ ඇති බව ය.
මෙම සතියේ ප්‍රථම වරට ‘Billboard Hot 100’ ලැයිස්තුවට ඇතුළු වී ඇති එම ගීතය එහි මුල් තැනට පැමිණ ඇති බව අදාළ වාර්තාවල දැක්වේ.
27 හැවිරිදි ඔහු සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ මිලියන 49ක ග්‍රාහකයින් සමග ඒ පිළිබඳ සතුට බෙදා ගෙන ඇති බව ද එම වාර්තාවල සඳහන් ය.
BTS යනු, 2020 වසරේදී Billboards ගීත දර්ශකවල ඉහළට ගිය පළමු දකුණු කොරියානු K-pop කණ්ඩායම වේ.


