ලිට්‍රෝ ගෑස් මිල පහළට

ලිට්‍රෝ ගෑස් මිල අද (අප්‍රේල් 4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පිරිදි අඩු කිරීමට තීරණය කර ඇති බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.

ගෑස් සිලින්ඩරවල මිල සංශෝධනය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ යහමුවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේ ය.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රු 1,005කින් ද කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 402කින් ද කිලෝග්‍රෑම් 2.3ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 183කින් ද අඩු කෙරෙනු ඇත.

මිල ගණන් අඩු කිරීමෙන් අනතුරව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,728ක් ද කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1502ක් ද කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 700ක් වන බව ද මුදිත පීරිස් මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *