ඔස්ට්‍රේලියාවේ හොඳම සූපවේදීන් දෙදෙනාම ලංකාවෙන්


ඔස්ට්‍රේලියාවේ වාසය කරන සූපවේදීන් අතර පැවැත්වූ ප්‍රධාන ජාත්‍යන්තර තරගයකින් පළමු සහ දෙවන යන ස්ථාන 02 ම ජයගැනීමට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු සමත්වී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු සූප ශාස්ත්‍ර ෆෙඩරේෂනය සහ ලෙගියුම්ස් ෆ්රොම් යුරෝප් (Legumes from Europe) යන ආයතනය එක්වයි මෙම තරගය මෙහෙයවනු ලැබුවේ.

එහිදී පළමු ස්ථානය දිනාගැනීමට මෙල්බන් හි වාසය කරන ලාංකික සූපවේදී දොන් ෂර්මන් සමත්වූ අතර දෙවන ස්ථානය ඇඩිලේඩ් නුවර වාසය කරන ලාංකික සූපවේදී මෙලාන් එඩිසන් විසින් දිනාගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ඉහළම සූපවේදීන් විශාල පිරිසක් මේ සඳහා සහභාගී වූ අතර ආහාර වට්ටෝරුවක් පිළියෙල කරන ආකාරය යූ ටියුබ් වෙත එක් කිරීමයි එහිදී සිදුකල යුතු වූයේ.

එහිදී වැඩිම ලයික්ස් ප්‍රමාණය හිමිකර ගත් දොන් ෂර්මන් හට ඉතාලියේ සූප ශාස්ත්‍ර අධ්‍යයන චාරිකාවක් සඳහා නැවත ගොස් පැමිණිමට අවස්ථාව උදාවී තිබෙනවා.

දෙවන ස්ථානය දිනාගත් මෙලාන් එඩිසන් හට සිය ආහාර වට්ටෝරුව සූප ශාස්ත්‍ර පිළිබඳ සගරාවක පළ කර ගැනීමටද මෙහිදී අවස්ථාව හිමිවුණා.

(උපුටා ගැනීම මුහුණු පොතෙන්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *