මිදිගම වෙඩි තැබීමක්!

වැලිගම, මිදිගම පොලිස් බල ප්‍රදේශයට අයත් මිදිගම ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් සිදු කළ වෙඩි තැබීමකින් එම ප්‍රදේශයේ හෝටල් කළමනාකරුවෙකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇතැයි මිදිගම පොලිසිය පවසයි.

තුවාල ලැබූ පුද්ගලයා ඉලක්ක කර ගෙන මීට පෙර 2021 වර්ෂයේදී වෙඩි තැබීමක් සිදුකර ඇති බව ත් ඉන් අද දින තුවාල ලැබූ පුද්ගලයාගේ සහෝදරයෙකු තුවාල ලබා ඇති බව ත් මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

වෙඩි තැබීමට පැමිණි පුද්ගලයින් සුදු පැහැති වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකින් පැමිණ ඇති බව ත් ටී-56 ගිනි අවියක් භාවිත කොට මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව ත් අනාවරණය වී ඇත.

තුවාල ලැබූ පුද්ගලයා යතුරුපැදියකින් පැමිණ බැස යාමට උත්සහ කරන අවස්ථාවේදී මෙලෙස මෝටර් රථයෙන් පැමිණි පුද්ගලයින් වෙඩි තබා පළා ගොස් තිබේ.

මෙය පාතාල ක්‍රියාකාරකමක් විය හැකි බවට පොලිසිය කළ සැක පළ කරයි.

ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා පිරික්සමින් මේ වන විට වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය හඳුනා ගැනීමට පොලිසිය විමර්ශන කටයුතු සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *