ශ්‍රී ලංකාවට හරිත ආර්ථික ප්‍රතිපත්තියක්!

හරිත ආර්ථිකයට ඇතුළුවන කලාපයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ අනුව, හරිත ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරි මාස 2ක තුළ ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

ශ්‍රී ලංකා හරිත බලශක්ති සමුළුව සඳහා සහභාගී වීමට මෙරටට පැමිණි ආයෝජකයන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකට එක් වෙමින් ජනාධිපතිවරයා මේබව කියා සිටියා.

තේ අපනයනයෙන් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පැමිණි අයුරින්, හරිත ආර්ථික ප්‍රතිපත්තියෙන්ද ශ්‍රී ලංකාව පළමු තැනට ගෙන ඒම සිය අපේක්ෂාව වන බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *