රත්නපුර ඇලෝසියස් විදුහලේ සිසුවාට බරපතල ලිංගික අපයෝජනය කල එම විදුහලේ විදුහල්පතිවරයාට එරෙහි පැමිණිල්ල විමර්ශනය කලේ ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින්මය. අත් අඩංගුවට ගත්තේ අධිකාරියේ පොලීසිය විසින්මය. අපයෝජකයා බන්ධනාගාරයේ සිටිනා කාලයේ අධිකාරිය එම නඩුවට අදාල කිසිම සාක්ෂියක් ගොනු කර නොතිබුණි.
අධිකාරිය ලිපි ගොනුව යට ගසා උඩ බලා සිටිනා ලදී. අපයෝජකයාට සහාය දුන් අධිකාරිය විමර්ශන නිළධාරින්ට අපහසු වන පරිදි ක්‍රියා කර ඇත. කෙටියෙන්ම … ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනය නිසි ලෙස කරගෙන ගිය පොලිස් නිළධාරින් ඉන් මුදවා ලිපි ගොනුව වෙනත් අත් මත තබනා ලදී.
කළුබෝවිල නම් වූ විදුහල්පතිවරයාගේ මිතුරන් පිටියට බැස හතර අතේ සිය බලය බෙදා හරිමින් සමාජ මාධ්‍යයේ, පාසැල් භූමියේ, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ, ගමේ , මහා පරිමාණයෙන් අපයෝජකයා බේරා ගැනීමේ නොයෙක් ව්‍යාපෘති ඇරඹීය . ළමයින් උකසට තබා අපයෝජකයාගෙ කීර්ති නාමය රැකුමට
සිසුවාට හිරිහැර, ක්‍රීඩා ගුරුවරයාට, පවුලට, සිසුවාගෙ මවට / නිවසට බලපෑම්, තර්ජන, රත්නපුර පොලීසියේ අත පෙවීම් අදී බොහෝ දේ මේ අතර විය. හැමට ඉහලින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැටලීමට තරම් අපයෝජක කදවුර බලවත් වූයේ අධිකාරියේ නිවට කම නිසාමය.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සහයෝගය කෙතරම්ද යත් අධිකාරියෙ නීතිය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂක විසින් ; අපයෝජකයාගෙ පරම හිතවතා / උසාවි පෙරමග යන්නා සමගින් ඔහුට සහායට- ඔහුගේ හිතවත් කමට, ඔහු සම්බන්ධ සංවිධානයේ දේශන පවා පැවැත්වීය. නොකෙරුනේ අපයෝජකයා වෙනුවෙන් අධිකරණය තුළ පෙනී සිටීම පමණකි.
අපයෝජකයාට සුදු හුණු ගෑමට තමන්ගේම නිළධාරින්ට පවා අකටයුතුකම් කළ , සාක්ෂිකරුවන් පාවා දුන් , අධිකාරියේ පොලීසියට බාධා කල ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අද කෙතරම් විහිළුවක් වී දැයි බලමු. 2023/02/23දා ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරයාට සිතාසි..
අද 2023/03/27 ඔහු රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් උසාවියේ (6747/A ) පෙනී සිටිය යුතුවේ. අපේ රටේ ළමයින් රැකුමට වැටුප් ලබන ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වගකීම මෙයද?…


