ජනාධිපති රනිල් වික්‍රමසිංහ පළාත් පාලන ආයතනවල කටයුතු සොයා බැලීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර තිබේ.
දැනට නිලධාරි පාලනය යටතේ පවතින පළාත් පාලන ආයතනවලින් ජනතාවට ඉටු විය යුතු සියලු කාර්යයන් බිඳ වැටීමකින් තොරව අඛණ්ඩව සිදු කර ගෙන යාමට අවශ්‍ය මග පෙන්වීම මෙම කමිටුව මගින් ලබා දෙයි.
පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, මුදල් රාජ්‍ය අමාත්‍යවරයා, පළාත් ආණ්ඩුකාරවරුන්, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල සභාපතිවරුන් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස පත් කර ඇත.
මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනට ආණ්ඩුකාරවරුන්ගේ පාලනය යටතේ පවතින පළාත් සභාවල කටයුතු සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබේ.


