රාඡ්‍ය සේවක දීමනා සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක්

රාජ්‍ය සේවකයින්ට අතිකාල සහ අනෙකුත් දීමනා ගෙවීම සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

ඒ අනුව ඊට අදාළ චක්‍රලේඛය මුදල් අමාත්‍යංශය මගින් ඊයේ (26) නිකුත් කළ බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මාර්තු සහ අප්‍රේල් මාසවල රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ දීමනා ගෙවීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබුණු මුදල්වලින් කොටසක් ලබාගැනීමටද තිරණය කර ඇති බවයි ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *