“විපක්ෂයට එකඟ විය හැකි කාරණා කිහිපයක් ම අයි.එම්.එෆ්. යෝජනාවල තිබෙනවා,” යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ඊයේ (මාර්තු 22) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආණ්ඩුවේ හැමදේට ම විපක්ෂය විරුද්ධ වන්නේ නැති බව ද ජනාධිපතිවරයා මෙම පාර්ලිමේන්තුවට ඒමට කලින් ද පැවති ආණ්ඩුවට “මේ අවස්ථාවේදී කරුණාකරලා මේ අයි.එම්.එෆ්. සාකච්ඡාවලට යන්න,” කියා විපක්ෂය පැවැසූ බව ද හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා කීවේ ය.
“අයි.එම්.එෆ්. එකට පස්සේ හෝ යාම පිළිබඳ විපක්ෂය සතුටු වෙනවා.” නමුත් මේ යෝජනාවල බොහෝ තැන්වල සාමාන්‍ය ජනතාව අපහසුතාවට පත්වන අවස්ථා ඇති අතර ඒවා වෙනස් කරගත යුතු යැයි ද ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.


