පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන්ට පාසල් තෝරා ගැනීම සඳහා වන කඩඉම් ලකුණු මාර්තු 22 වැනිදාට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එහි අතිරේක ලේකම් (පාසල් කටයුතු) ලලිතා එගොඩවෙල පැවසුවේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ලකුණු 153කට වඩා ලබා ගත් දරුවන් සඳහා 2023 – 6 ශ්‍රේණිය සඳහා වන පාසල් කඩඉම් ලකුණු නිකුත් කරන බවයි.
ලකුණු 153ක් හා ඊට වඩා ලබා ගත් දරුවන් 48, 257කට පාසල් අයදුම් කිරීමට අවස්ථාව ලැබී තිබේ.
එක් දරුවකුට තමා කැමැති පාසල් 10ක් ඉල්ලා සිටිය හැකි අතර දරුවන් ලබාදෙන අයදුම්පත් විදුහල්පතිවරයා විසින් පරිගණක දත්ත පද්ධතියට ඇතුළත් කරන බවත් එම දත්ත අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පරීක්ෂා කිරීමෙන් පසුව පාසල් තෝරා ගැනීමේ කඩඉම් ලකුණු නිකුත් කරන බවත් ඇය පැවසුවාය.
කිසියම් දරුවකුට තමා ඉදිරිපත් කළ අයදුම්පතේ පාසල් වෙනස් කිරීමට අවශ්‍ය වූයේ නම් ඒ සඳහා දින තුනක පමණ කාලයක් ලබා දුන් බව ද ඇය කියා සිටියාය.
පසුගිය වසරේ දෙසැම්බර් 18 වැනිදා මෙම විභාගය පැවැත් වූ අතර එහි ප්‍රතිඵල මේ වර්ෂයේ ජනවාරි 25 වැනිදා නිකුත් කෙරිණ.
මෙම විභාගයට 334,805ක් අයදුම් කළ අතර 329,668ක් විභාගයට පෙනී සිට ඇත


