එජාප යට නව ව්‍යවස්ථාවක්

එක්සත් ජාතික පක්ෂයට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා මහජන අදහස් සහ යෝජනා ලබා ගැනීමට තීරණය කර තිබේ.


එක්සත් ජාතික පක්ෂයට නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී කමිටුවක් පත් කෙරිණු අතර එම කමිටුවේ තීරණය අනුව මෙලෙස අදහස් යෝජනා ලබාගනියි.

අදාල කමිටුවේ සභාපති ලෙස ජනාධිපති නීතීඥ තිලක් මාරපන කටයුතු කරන අතර කමිටු ලේකම් ලෙස ජනාධිපති නීතීඥ නිශ්ශංක නානායක්කාර, කමිටු සාමාජිකයන් ලෙස ජනාධිපති නීතිඥ දයා පැල්පොල සහ ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා මහත්වරු කටයුතු කරති.

ඒ අනුව නව ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීම සඳහා අදහස් සහ යෝජනා ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂය සියලුම කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්, දිස්ත්‍රික් සභාපතිවරුන් සහ බලයලත් නියෝජිතයන්ට ද පක්ෂයට අනුබද්ධ සංවිධාන වල සභාපතිවරුන් සහ ලේකම්වරුන්ටද ලිඛිතව දැනුම් දී තිබේ.

පක්ෂයේ නව ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා වන අදහස් යෝජනා මාර්තු 31 දිනට පෙර සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ නීති අංශය වෙත බාරදීමට පියවර ගන්නා ලෙස කමිටු ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *