ත්‍රිකුණාමලයේ සහ කිරින්දේ සුළු භූ කම්පන දෙකක් හට ගෙන තිබේ.
භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේ, ඊයේ (මාර්තු 18) සවස 6.40ට කිරින්ද, පලටුපාන ප්‍රදේශයේ ටිකට් රිකට්ර් මාපක 2.6 භූ කම්පනයක් ද අද (මාර්තු 19) අලුයම 3.30ට පමණ ත්‍රිකුණාමලය, ගෝමරන්කඩවල ප්‍රදේශයේ රික්ටර් මාපක 3.0ක භූ කම්පනයක් ද සිදු වී ඇති බව ය.
මෙම භූ කම්පා ද්විත්වය ම පොළොව මතු පිට සිට කිලෝමීටර් 10ක් ගැඹුරින් සිදු වී ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසීය.
භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේ, මෙය ජනතාව බිය විය යුතු තත්ත්වයක් නොවන බව ය.


