හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා මාධ්‍යවේදි ශ්‍රී රංගා ඊයේ(17) හවස කලුබෝවිල රෝහලේදි අත්අඩංගුවට ගෙන තිබේ.
හිටපු මන්ත්‍රීවරයා දුටු තැන අල්ලන්න යැයි වව්නියාව මහාධිකරණ විනිසුරු මොහොමඩ් නිහාල් විසින් ඊයේ17 දින වරෙන්තුවක් නිකුත් කර ඇත.වව්නියාව මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට ඔහු සහභාගි නොවීම හා සාක්ෂි කරුවන්ට තර්ජනය කිරීම යන හේතු නිසා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
2011 මාර්තු 30 වෙනිදා වව්නියාව සෙට්ටිකුලම ප්‍රදේශයේදි ඔහු විසින් දාවනය කරන ලද වාහනය ඔහුගේ පාලනයෙන් මිදී සෙට්ටිකුලම රෝහලේ තාප්පයක ගැටීම නිසා ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් නිළධාරියෙකු මරණයට පත් විය.
එහිදි වව්නියාව ජේෂ්ඨ පොලිස් නිළධාරින්ගේද සහය ඇතිව සාක්කි වෙනස් කරමින් එම අවස්ථාවේ රථය පදවාගෙන ගියේ මිය ගිය පොලිස් නිළධාරියා බවට අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළ මොහු සිද්ධිය දුටු පිරිසකටද තර්ජනය කර ඇත.
මේ සම්බන්ධයෙන් එල්ල වූ විරෝධතා මත නැවත වරක් සිදු වු පරීක්ෂණ සිදු කිරීමේදි අදාළ අවස්ථාවේ රථය ධාවනය කලේ රංග බව අනාවරණය කරගෙන ඇත.


