ඩුබායිහි සැඟව සිටින ලලිත්ව අල්ලන්න ජාත්‍යන්තර රතු නිවේදනයක්

සංවිධානාත්මක අපරාධකරුවෙක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැකකෙරෙන ලලිත් කන්නංගර නැමැත්තා ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනිම සඳහා රතු නිවේදනයක් නිකුත් කරගැනිමට බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කටයුතු කර තිබේ.

ඒ වෙනුවෙන් විමර්ශන අංශ ඊයේ අවිස්සාවේල්ල අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් ලබා ගත්තේය.

හංවැල්ල ආපන ශාලා හිමිකරු ඝාතනය ඇතුළු මනුෂ්‍ය ඝාතන කිහිපයක් මෙහෙයවූ ප්‍රධාන සැකකරු ලෙසත් හංවැල්ල ප්‍රදේශවල පුද්ගලයන් කිහිපදෙනෙකුව තියුණු ආයුධවලින් කපා කොටා බරපතළ තුවාල සිදු කිරීම මෙහෙයවූ ප්‍රධාන සැකකරු ලෙසත්, ප්‍රදේශයේ කප්පම් ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රමුඛ අපරාධකරු ලෙසත් මෙම පුද්ගලයා පොලිසිය විසින් හඳුනාගෙන ඇත.

මෙම සැකකරු දැනට ඩුබායි හි සැඟවී සිටින බවට වාර්තාවී ඇතැයි පොලිස් ආරංචිමාර්ග පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *