“රටට අමාරු වෙලාවේ වැඩ වර්ජන අපරාධය දවසක පලිසන් දෙන බව “එතුමාට” වුනත් තේරෙන්න ඇති” අකිලගෙන් ලාල්කාන්තට චරිත සහතිකයක්

රටේ සාමාන්‍ය ජනතාව ගැන කතා කරන ලාල් කාන්ත ජාතික ජනබලවේගයේ ප්‍රගතිශීලි පුද්ගලයකු බව එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් පවසයි.


ඔහු එබව කියා සිටියේ, පිටකෝට්ටේ ‘සිරිකොත’ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙම මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අකිල විරාජ් කාරියවසම් මේ බව කීය.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වැඩ වර්ජනය කරන්නැයි ඉල්ලා සිටියද වැඩ වර්ජනය කර ජනතාව අසීරුතාවයට පත් කරන්න එපා යැයි ජාතික ජන ජනබලවේගයේ ලාල්කාන්ත පවසා ඇතැයි ද ඒ ගැන කිව හැක්කේ කුමක්දැයි මාධ්‍යවේදියා මෙහිදී විමසීය.

ඊට පිළිතුරු දෙමින් අකිල විරාජ් කාරියවසම්, ” රටට අමාරු වෙලාවේ වැඩ වර්ජන අපරාධය දවසක පලිසන් දෙන බව “එතුමාට” වුනත් තේරෙන්න ඇති. ඒ නිසා වෙන්න ඇති එතුමා අතිනුත් ඔය වගේ ප්‍රකාශ නිකුත් වෙන්නේ” යනුවෙන් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *