වෘත්තිකයන්ගේ වැඩවර්ජනය තාවකාලිකව නවත්වයි

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව ජනාධිපතිවරයා සඳහන් කර ඇති බැවින් හෙට (මාර්තු16) පෙරවරු 8.00ට මේ වන විට ක්‍රියාත්මක වැඩවර්ජනය අත්හිටුවන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ අද (මාර්තු 15) මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ, වැඩවර්ජනය හෙට තාවකාලිකව නවත්වන බව ත්, එයින් අදහස් වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයෙන් ඉවත් වූ බවක් නොවන බවත් ය.

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් ඊයේ (මාර්තු 14) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රට පුරා වැඩවර්ජන සහ විරෝධතා දිනයක් ප්‍රකාශයට පත් කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *