හරක් කටා සහ කුඩු සලිඳු CIDයට…

මැඩගස්කරයේ රැදී සිටිමින් ශ්‍රී ලංකාව තුළ අපරාධ කටයුතු මෙහෙයවමින් සිටි පාතාල කල්ලි නායකයින් වන ‘හරක් කටා’ සහ ‘කුඩු සලිඳු’ අද (මාර්තු 15) දින උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් ශ්‍රී ලංකාව වෙත ගෙන එනු ලැබ තිබේ.

ඔවුන් අද උදෑසන 07.10ට ඉන්දියාවේ මුම්බායි සිට, ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 142 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙන විත් ඇත.

සැකකරුවන්ගේ ගුවන්තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ඇතුළු අත්‍යවශ්‍ය රාජකාරී ගුවන් යානය අසලදීම සිදු කර, කටුනායක ගුවන්තොටුපළ ගුවන් භාණ්ඩ පර්යන්තය ඔස්සේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබේ.

එසේ ම මෙම අපරාධ කල්ලි නායකයින් දෙදෙනා රැගෙන මැඩගස්කර් රාජ්‍යයේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු ද පැමිණ තිබූ අතර එම නිලධාරීන් ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය වෙත පැමිණ, ලිඛිතව, නිල වශයෙන් මොවුන් භාර දීම සිදු කර ඇත.

ඔවුන් දෙදෙනා භාර ගැනීම සදහා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු, සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් වාහන 6කින් පමණ කටුනායක ගුවන්තොටුපළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

ඒ හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළ තුළ, ඒ අවට ප්‍රදේශයේ සහ ඔවුන් කොළඹ බලා රැගෙන යන මාර්ගය දෙපස දැඩි ආරක්ෂාවක් යොදා තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *