“රජයේ නව බදු ප්‍රතිසංස්කරණ හරහා රජයේ ආදායම් මාර්ග ඉහළ ගියොත් මුලින්ම සලකන්නේ රාජ්‍ය අංශයට”ආණ්ඩුව කියයි

රජයේ නව බදු ප්‍රතිසංස්කරණ හරහා රජයේ ආදායම් මාර්ග ඉහළ ගියහොත් ප්‍රථමයෙන් සහන ලබා දීමට පියවර ගනු ලබන්නේ රාජ්‍ය අංශයට බව ආණ්ඩුව නිවේදනය කර තිබේ.

ඔවුන්ගේ දීමනා බද්දට යටත්වීම පිළිබඳව වෙන ම කමිටුවක් මඟින් සලකා බලමින් සිටින බව ද දන්වා ඇත.

වර්තමානයේ පවතින බදුවලට යටත් වන්නේ රජයේ සේවකයන්ගෙන් සියයට 10ක් පමණක් වන බව ත් සෙසු සියයට 90ක රාජ්‍ය සේවකයන්ට එය අදාළ නොවන බව ත් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රවාහන ඇමති බන්දුල ගුණවර්ධන සඳහන් කළේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව නිවේදනය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *